පානදුර වෙරළට තල්මසුන් හා ඩොල්ෆින් සත්ත්වයින් විශාල පිරිසක් පැමිණීම ගැනත් දැන් සංවාදයක් ඇතිවී තිබේ.
මේ සංවාදය ඇතිවෙන්නේ ඇමරිකාව, ජපානය, ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව බෙංගාල බොක්ක ආශ්‍රිතව අදසිට මලබාර් නමින් යුද අභ්‍යාසයක් ආරම්භ කිරීමේ පසුබිමකයි.
මුහුදේ යුද ක්‍රියාකාරකම් හා තල්මසුන් ගොඩ ගැසීම අතර සබදතාවක් තිබේද?
තල්මසුන් 100 කට අධික සංඛ්‍යාවක් කොළඹ නගරයට දකුණින් පිහිටි පානදුර වෙරළට ගොඩගැසීමත් සමග ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වු බෙහෝ දෙනා තල්මසුන් නැවත දියඹට යැවිමට දැඩි පරිශ්‍රමයක නිරත විය.
තල්මසුන් මුහුදට යැවීම සඳහා ආරම්භ කළ මෙහෙයුම රාත්‍රිය පුරාම ක්‍රියාත්මක වූ අතර අවසන් තල්මසා දියඹට යැවීමට හැකි වුයේ ඊයේ උදෑසනයි.
මෙම සිදුවිම මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ විශාලතම තල්මසුන් ගොඩ ගැසීම බව ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරය තහවුරු කළේ ය.
අවාසනාවකට ඊයේ දහවල් වන විට මිය ගිය තලමසුන් සිව් දෙනෙකුගේ සහ ඩොල්ෆින් මත්ස්‍යයෙකුගේ සිරුරක් පානදුර ආශ්‍රිත වෙරළට ගොඩ ගසා තිබිණ.
මෙම තල්මසුන් ගොඩ ගැසීම වාර්තා වන්නේ ශ්‍රී ලංකාවට ආසන්න බෙංගාල බොක්ක ආශ්‍රිතව ඉන්දියාව, ඇමරිකාව , ජපානය , සහ ඔස්ට්‍රේලියාව දින තුනක ඒකාබද්ධ නාවික යුද අහභාසයක් සිදුවූ පසබිමකයි.
අදාළ යුද අභ්‍යාසයට ලොව ප්‍රමුඛ හමුදා භාවිත කරන යුදෝපකරණ රැසක් ඇතුළත් ය .
මේ අතර ස්කොට්ලන්ත මාධ්‍ය වර්තා කර තිබුණේ, මීට පෙර එරට මුහුදු තීරයට අභිරහස් ලෙස ගොඩ ගැසූ තල්මසුන් සම්බන්ධයෙන් එරට ආරක්ෂ අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදු කළ යුතු බවයි.
එරට විමර්ශන නිලධාරීන්ට අනුව මෑත කාලයේ සිදුවූ තල්මසුන් ගොඩ ගැසීම් සියල්ල අසාමන්‍ය සිදුවීම් වන අතර එය ස්කොට්ලන්ත උතුරු මුහුදේ සිදුවූ යුද අභ්‍යාස හා සම්බන්ධ බවට ස්කොට්ලන්ත මාධ්‍ය වාර්තා කර තිබිණ.
– උපුටා ගැනීම –
මෙම යුද අභ්‍යාස වලදී භාවිතා කල හමුදා සෝනා යන්ත්‍ර මෙවැනි සතුන්ගේ හැසීරීම් වලට බාදා පමුණුවනවා. මෙවැනි ජීවින් ගමන් කිරීමට ආහාර සොයා ගැනීමට සහ එකි නෙකා සමග සන්නිවේදනය කිරීමට ශබ්දය භාවිත කරන බැවින් එය ඔවුන්ට බාධාවක්.
– උපුටා නැනීම අවසන් –
නාවික සෝනා පද්ධති ස්කොට්ලන්ත අයර්ලන්ත , අයිස් ලන්ත වෙරල තිරයන් හී ගොඩ ගැසූ අභිරහස් ලෙස මිය ගිය තල්මසුන් 90 දෙනෙකුගේ මරණයට හේතුවක් බව ජාත්‍යන්තර සමුද්‍රීය විශේෂඥයෝ පවසති.
මෑත ඉතිහාසයේ සෝනා භාවිතය දැඩි දෝශ දර්ශනයට ලක්ව ඇති අතර සබ්මැරීම් ක්‍රියාකාරකම් ලොව බොහෝ ස්ථනවල සිදුවූ විශාල මුහුදු ජීවින්ගේ ගොඩගැසීම් වලට සම්බන්ධ බවට පර්යේශකයන් අවධාරණය කරයි.
තවද අඩු බලයකින් යුත් සෝලා පද්ධති තල්මසුනට සෘජුව හානියක් නොකලද ඔවුන්ගේ සාමාන්‍ය හැසරීම් රටාවන්ට බාද ඇති කරන බව පර්යේෂකයින්ගේ මතයයි.
බෙංගාල බොක්කේ විශාල යුද අභ්‍යාසයක් සිදුවන අවස්ථාවක මෙවැනි සාගර ජීවින් , මෙරට වෙරළ තීරයට ගොඩ ගැසිම දැඩි අවාසනාවන්ත සිදුවිමකි.
එබැවින් යුද සෝනා පද්ධති භාවිතය සහ තල්මසුන් ගොඩ ගැසීම සම්බන්ධයෙන් ඇති පර්යේෂණ සහ වාර්තා බැහැර කළ හැකිද ?
මෙය සී ඔෆ් ශ්‍රී ලංකා ශ්‍රී ලංකා මුහුදයි.
එය ශ්‍රී ලංකාවටම ආවේනික සාගර කලාපයකි.
එය තව දුරටත් අනාරක්ෂිත වීමට ඉඩ ලබා දීම , ජාත්‍යන්තරව ඕනෑම කෙනෙකුට ඇතුල්විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමකි.
සාගර ජීවින් මෙරට වෙරළට මෙලෙස ගොඩ ගැසීම ඉදිරියෙදී අපිට මුහුණ දීමට සිදුවන මෙවැනි විපත් පිළිබඳව පූර්ව අනතුරු අඟවීමක්ද විය හැකියි.