ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට පැමිණීමේදී, එක් වරකට උඩමළුවේ රැදී සිටීමට හැකි බැතිමතුන් සංඛ්‍යාව 200 කට සීමාකර තිබෙනවා.
එම බැතිමතුන් තමන් පදිංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ලියාපදිංචි විය යුතු අතර, තමන් නිරෝධායනයට ලක් නොවූ අයෙකු බවට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් ලිපියක් රැගෙන ඒමද අනිවාර්ය වනු ඇති
ශ්‍රී පාදස්ථානයට පිවිසෙන සියලුම මාර්ග ආවරණය වන පරිදි පැය 24 පුරාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යෙදවීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
ජනවාරි මාසයේදී ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙස නුවරඑළිය දිස්ත්‍රික් කොවිඩ් කමිටුව ජනතාවට දැනුම් දෙනවා
මෙවර ශ්‍රී පාද වන්දනා සමය ලබන අඟහරුවාදාට යෙදෙන උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කළා.
පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජමහා විහාරයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සහ සධාතුක කරඩුව රැගත් රිය පෙරහැර ලබන සඳුදා පෙරවරුවේදී ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් නල්ලතන්නිය මාර්ගය, බලංගොඩ මාර්ගය, කුරුවිට මාර්ගය ඔස්සේ වැඩම කර උඳුවප් පොහොය දිනයේදී ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කිරීමට නියමිතයි.




