දිවයිනේ දිස්ත්‍රික්ක 11 ක පොලිස් බල ප්‍රදේශ 12 ක් තවදුරටත් හුදෙකලා තත්ත්වයේ පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.
ඒ අනුව අදාළ හුදෙකලා ප්‍රදේශවලින් කිසිවෙකුට පිටවීම සහ ඇතුළු වීම තහනම් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ
එමෙන්ම, බස්නාහිර පළාතෙන් පිටවන ස්ථානවල අද දිනයේදීත් රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකෙරෙන අතර, ඊට සහාය ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා
රෝගය ව්‍යාප්තිය පාලනයට සෞඛ්‍ය බලධාරීන්ට බලය පැවරී ඇති බැවින්, කිසියම් පුද්ගලයෙකු එම නීතියට බැහැරව කටයුතු කරන්නේ නම් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළා.
මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් පසුගිය සතියක කාලය පුරාවට සිදුකළ රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මඟින් කොවිඩ් ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.




