කන්තලේ සහ අනුරාධපුර ප්‍රදේශවලින් හමුවූ අමෙරිකානු ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ ප්‍රධාන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බත්තරමුල්ලේ පදිංචි 36 හැවිරිදි සැකකරු ඊයේ පස්වරුවේ අනුරාධපුරයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ඩොලර් 100 ව්‍යාජ නෝට්ටු 327 ක් පසුගියදා සොයා ගැනුණා.
ඒවා මුද්‍රණයට යොදාගත් විශේෂිත කඩදාසි සහ මුද්‍රණ යන්ත්‍රය ගෙන්වා ඇත්තේ මෙම සැකකරු විසින් බව අනාවරණය වී තිබෙනවා.
එම කඩදාසි මැලේසියාවේ සිට ගෙන්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.
සැකකරු අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.




