නෙදර්ලන්ත තානාපති ටන්ජා ගොන්ග්‍රිජ් මහත්මිය හා තුර්කියේ තානාපති ආර්. ඩෙමෙට් සෙකර්සියොග්ල මහත්මිය 22 වැනි දින විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.
මෙම හමුවීම් අතරතුරදී ශ්‍රී ලංකාව හා මෙම රටවල් අතර පවත්නා සහයෝගීතාවයේ අංශ කිහිපයක් පිළිබඳව සමාලෝචනය කෙරුණි. නෙදර්ලන්ත රජය උතුරු පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ රෝහල් වැඩිදියුණු කිරීම සඳහා ලබා දෙන නොමසුරු සහයෝගය විදේශ අමාත්‍යවරයා අගය කළේය. ග්‍රාමීය ප්‍රදේශවල පාලම් ඉදිකිරීම, ජල පවිත්‍රාගාර, වෘත්තීය පුහුණුව සහ පුරාවිද්‍යාත්මක ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා නෙදර්ලන්තයෙන් ලැබෙන අඛණ්ඩ ආධාර පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ලේඛනාගාරවල ලිපි ලේඛන ඩිජිටල්කරණය සඳහා නෙදර්ලන්තය ලබා දෙන සහාය ද විදේශ අමාත්‍යවරයා අගය කළේය.




