Marine Drive ව්‍යාපෘතියේ වැඩ ජනධිපති උපදෙසින් කඩිනම් කෙරේ


සමුද්‍රීය මාර්ග (Marine Drive) ව්‍යාපෘතියේ පස්වන අදියර වන කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට රත්මුතු හෝටලය දක්වා වූ කිලෝමීටරයක් පමන වන නව මාර්ගයේ ඉදිකිරීම්වල වත්මන් තත්වය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ගරු මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා 23 වන දින නිරතවිය. මෙම ව්‍යාපෘතියේ ඉදිකිරම් අවසන් වන විට උමං මාර්ගයකින් හා දුම්රිය හරස් මාර්ග හරහා ගුවන් පාලමකින් සමන්විත වේ.

 මෙහිදී අදහස් දැක්වූ මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා:

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගය මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා සුදුසු විකල්පයක් ලෙස හඳුනාගෙන ඇති මෙම සමුද්‍රීය මාර්ගයේ (Marine Drive) කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා වූ කොටස කොටසේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කරන ලෙස අතිගරු අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අප හට උපදෙස් ලබාදී තිබෙනවා. කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ස්ථානයේ සිට ඇමෙරිකානු තානාපති කාර්යාලය දක්වා මීටර් 300 ක කොටසේ ඉදිකිරීම් ආරක්ෂක හේතු මත මේ වන විට ඇණ හිට තිබුනා. නමුත් අද එම තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග සමග කළ සාකච්ඡාවේ දී අපි එම ගැටලුව නිරාකරණය කර ගත්තා. ඇමෙරිකානු තානාපති කාර්යාලය අසල කොටසේ ඉදිකිරීම් 2021 වසරේ ජනවාරි මස 10 පසු යළි ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ සිට ඇමරිකානු ඇමෙරිකානු තානාපති කාර්යාලය අතර කොටස දින පනස් පහක් ඇතුළත සහ ඇමරිකානු තානාපති කාර්යාල භූමිය හරහා යන මීටර් 300ක කොටස දින 60 කදී ඉදිකිරීම් කටයුතු නිම කිරීමට ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ව්‍යාපෘති අධ්‍යක්ෂක වරයාට මම අද දින නියෝග කරනු ලැබුවා. දින 60ක් ඇතුතල මෙම කොටසේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. දැනට වැල්ලවත්ත ප්‍රදේශයේ සිට ආරම්භ වන මෙම සමුද්‍රීය මාර්ගය දෙහිවල ප්‍රදේශයටත්, දෙහිවල සිට පානදුර දක්වා දීර්ඝ කිරීමටත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. දැනට මන්දගාමීව සිදු කරනු ලබන සියලුම සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනමින් නිම කර ජනතා අයිතියට පත් කිරීම තමයි අපගේ රජයේ ප්‍රමුඛතම කාර්යභාරය. එම නිසා ලබන වසරේ ජනවාරි මස පළමුවනදා සිට මෙම සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරීම් පැය 24 පුරාවටම සිදු කිරීමට අපි කටයුතු කරනවා.

 කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වඩාත් සුදුසු විකල්පයක් ලෙස 90 දශකයේ අග භාගයේදී සමුද්‍රීය මාර්ගය ඉදිකිරිම සුදුසු යැයි හදුනා ගන්නා ලදී. ඒ අනුව 1998 දී මෙම සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියරයන් කිහිපයක් යටතේ ආරම්භ කරන ලදී. මෙම මාර්ගය රත්මුතු හෝටලය අසලින් ආරම්භ වී දෙහිවල දක්වා කිලෝමීටර් 7.8 කින් සමන්විත වේ. කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාරිතාවය දිනේන දින සීග්‍රයෙන් ඉහළ යන නිසා මෙම මාර්ගය යෝජිත වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය සමග සම්බන්ධ කිරීමටත් එයින් ප්‍රවේශ වීමට හැකි වන අයුරින් ගාලු මුවදොර දක්වා දීර්ඝ කිරීමටත් දෙහිවල දක්වා පැවැති අන්තය පානදුර දක්වා දීර්ඝ කිරීමටත් යෝජනා වී ඇත.

 මෙම අවස්ථාවට මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ චමින්ද බස්නායක, ව්‍යාපෘති අධ්‍යක්ෂ සෙල්වනාදන් මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහභාගී විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: Marine Drive ව්‍යාපෘතියේ වැඩ ජනධිපති උපදෙසින් කඩිනම් කෙරේ
Marine Drive ව්‍යාපෘතියේ වැඩ ජනධිපති උපදෙසින් කඩිනම් කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5qFakfnoOsreyV33e5Yj9FkNpq7tfBWX3dhjiIlfVfa8nGCr_WqPoxXyqA6YiiG_xPg_t-eq5Pfcogg8fE6lTG3-fWtwdVFC-nUQDCV-uXOO65LvuS9CHhgkeF3OSDFVplaKxPE1VYSA/s16000/e2b00921c7ebaecebf0f6017ee16c8f0_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5qFakfnoOsreyV33e5Yj9FkNpq7tfBWX3dhjiIlfVfa8nGCr_WqPoxXyqA6YiiG_xPg_t-eq5Pfcogg8fE6lTG3-fWtwdVFC-nUQDCV-uXOO65LvuS9CHhgkeF3OSDFVplaKxPE1VYSA/s72-c/e2b00921c7ebaecebf0f6017ee16c8f0_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/marine%20drive.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/marine%20drive.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content