අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රීඩක වෙන්දේසීය ඊයේ (23) පැවැත්වුණි.
එහිදී ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 12 දෙනෙකු තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගෙන තිබේ.
තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් 'පූනේ ඩෙවිල්ස්' කන්ඩායමට අජන්ත මෙන්ඩිස් සහ චාමර කපුගෙදර තෝරාගෙන ඇත.
ඉසුරු උදාන 'බංග්ලා ටයිගර්ස්' කන්ඩායමේ නායකත්වය සඳහා තෝරාගෙන තිබේ.
වනිඳු හසරංග, භානුක රාජපක්ෂ සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයන් තිදෙනාම 'ඩෙකෑන් ග්ලැඩියේටස්' කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තෝරාගෙන ඇති අතර එම කණ්ඩායමේ නායකත්වය දරන්නේ සුනිල් නරේන් ය.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩ්‍රී රසෙල් නායකත්වය දරන 'නොදර්න් වොරියස්' කණ්ඩායමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සහ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ මහීෂ් තීක්ෂණ තෝරාගෙන තිබේ.
කොදෙව් ක්‍රීඩක ඩ්වේන් බ්‍රාවෝගේ නායකත්වයෙන් යුත් 'දිල්ලි බුල්ස්' පිළට ශ්‍රී ලංකා ක්‍රීඩක දුෂ්මන්ත චමීරව තෝරාගැණුනි.
'ටීම් අබුඩාබි' කණ්ඩායමට අවිශ්ක ප්‍රනාන්දු තෝරාගෙන ඇති අතර එම කන්ඩායමේ නායකත්ව දරන්නේ කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් විසින් ය.
අබුඩාබි T10 ලීග් ක්‍රිකට් තරගාවලිය එළඹෙන ජනවාරි 28 වනදා සිට පෙබරවාරි 6 වනදා දක්වා අබුඩාබිහිදී පැවැත්වීමට නියමිතය.




