ඔහු කියා සිටියේ රට පුරා විශාල ඉල්ලුමක් පවතින වැව් මාළු නිෂ්පාදනය සඳහා ආහාරමය මිරිදිය මත්ස්‍ය වගා ගොවිපල කීපයක් ප්‍රාදේශීය මට්ටමින් ආරම්භ කිරීමට අදහස් කරන බවයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ අනුරාධපුර, ඉපලෝගම, කාගම ප්‍රදේශයේ ආරම්භ කර ඇති ආහාරමය මිරිදිය මත්ස්‍ය වගා ගොවිපලක් නිරීක්ෂණය කිරීමට ඒක් වෙමින්.
අදාල ගොවිපල තුළ පොකුණු සකස් කර ඒවාට ජලය පුරවා ඒ තුළට තෙප්පිලි, කොරළි ආදී ආහාරයට ගන්නා වැව් මාලු ඇගිල්ලන් දමා ඔවුන්ට ආහාර ලබා දී අවශ්‍යය ප්‍රමාණයට ලොකු කර දැල් දැමීම හෝ පොකුණු වල ජලය හිස් කිරීම මගින් මසුන් අල්ලා ආහාර සඳහා අලෙවිය සිදු කරනු ලබයි.
තෙප්පිලි මත්සයකු සාමාන්‍යයෙන් කිලෝවකට වඩා වැඩි බර වූ පසු විකිනීමට අල්ලන බවත්, එක් කිලෝවක් රුපියල් 350 කට පමණ ගොවිපලෙන් විකුණන බවත් එම ගොවිපල හිමිකරු අමාත්‍යයවරයාට පෙන්වා දුන්නේය.
තම ගොවිපල වෙතම මාලු වෙලෙන්දන්, හෝටල් හිමිකරුවන් පැමිණ මත්ස්‍ය අස්වැන්න මිලදී ගන්නා බවත්,මේ සඳහා විශාල ඉල්ලුමක් පවතින බවද ගොවිපල හිමිකරු පැවසීය.
ඒ අනුව,ආහාරමය මිරිදිය මත්ස්‍ය වගාව අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ප්‍රචලිත කිරීම සඳහා වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන බව කී අමාත්‍යයවරයා ආහාර සඳහා මත්ස්‍ය වගාව පිලිබදව දැනුම, අවබෝධය, පුහුණුව, තාක්‍ෂණය වගේම ආධාර මුදල් ලබාදෙමින් රජය සතු ඉඩම් මෙන්ම, පුරන් කුඹුරු මේ සඳහා යොදා ගනිමින් රජයේ ආධාර උපකාරද මේ සඳහා ලබා දෙමින් ආහාරමය මත්ස්‍ය වගාව ප්‍රචලිත කිරීම හරහා ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීය හැකිබවත්, ඒ සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන බවත් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා මෙහිදි කියා සිටියේය.





