සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ පළමු පෙළ ආශ්‍රිතයන් 300ක් පමණ සිටින බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබෙනවා.
අමාත්‍යවරිය පසුගිය දින පහක කාලයේ විවිධ රැස්වීම් සහ සාකච්ඡා කිහිපයකට සහභාගිවී ඇති බව සඳහන්.
සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කියා සිටියේ, තමන්ගේ සමීපතම ආශ්‍රිතයන්ට ස්වයං නිරෝධායනය වන ලෙස ඇමැතිවරිය ඉල්ලීමක් කර ඇති බවයි.
මේ වන විටත් අමාත්‍යවරියගේ සැමියා, දියණිය සහ කාර්ය මණ්ඩලයේ සියලුදෙනා නිරෝධායනයට ලක්වෙමින් සිටින බවත්, ඒ නිසා ඇමැතිවරියගේ කාර්යාලය වසා මාධ්‍ය අංශය, හෙද අංශය, විභාග අංශ වසා දමා ඇති බවත්ය.
පසුගිය 19 වැනිදා පවිත්‍රා වන්නිආරච්චි පාර්ලිමේන්තු රැස්වීමටද පැමිණ තිබෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ සවි කර ඇති CCTV කැමරා ඔස්සේ ලබා ගත් දර්ශන වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පරීක්ෂා කර ඇති බව සඳහන්.
එහිදී, ඇමැතිවරිය එදින පස්වරු 3.59ට පමණ සභාගර්භයේ රැඳී සිට පසුව 4.40ට පමණ පිටව ගොස් තිබෙනවා.
නමුත් ඇය හා සමීප ආශ්‍රිතයන් නොමැති බවට නිරීක්ෂණය වූ බව වේත්‍රධාරිවරයා ප්‍රකාශ තිබුණා.




