අම්බලන්තොට මැලේකොළණිය ප්‍රදේශයට අද (22) උදේ සිට සංචරණ සීමා පැනවීමට තිරණය කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා පැවසීය.
එම ප්‍රදේශයෙන් මේවන විට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 34 දෙනෙකු වාර්තා වීම හේතුවෙන් කොවිඩ් මධ්‍යස්ථානයේ උපදෙස් වලට යටත්ව දැනට සංචරණ සීමා පනවා ඇති අතර හුදකලා කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණය ගැනීමට නියමිත බවද දිස්ත්‍රික් ලේකම් වරයා පැවසීය.
අම්බලන්තොට නගරයට ආසන්න ගම්මානයක් වන හෙයින් හා නගරයේ සති පොල පැවැත්වෙන හෙයින් මහජනතාවගේ යහපත උදෙසා මෙම තීරණය ගත් බවද දිස්ත්‍රික් ලේකම් වරයා සදහන් කළේය.
මැලේකොළණිය ප්‍රදේශයේ මේවන විට පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් එක්ව සංචරණ නීති ක්‍රියාත්මක කරමින් ස්ථාන 6 කින් ප්‍රදේශයට ඇතුල්වීම සීමා කර ඇති අතර අල්අක්බාර් විදුහලද වසා දැමීමට කටයුතු කර ඇත.




