සුමංගල පරපුරේ දැනුම පෝෂණය කිරීම උදෙසා වාරියපොළ ආසනයේ පුස්තකාල දහයක් ස්ථාපිත කර ඇත.
විවිධ ගොඩනැගිලි තුල අඩු පහසුකම් යටතේ පවත්වා ගෙන යන මෙම පුස්තකාල සදහා ස්ථිර ගොඩනැගිලි ලබා දීමට පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත් මහතාගේ උපදෙස් මත වාරියපොළ ප්‍රාදේශීය සභාව පියවර ගනිමින් සිටි.
ඒ යටතේ වාරියපොළ කනෝටුව ග්‍රාමයේ රු ලක්ෂ 45 ක් වැය කර ඉදි කළ නව පුස්තකාල ගොඩනැගිල්ල රජ්‍ය අමාත්‍ය ඩි.බි. හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරිණි.
මෙම උත්සවයේ පැමිණි සිටි පිරිස අමතා අමාත්‍යවරයා පවසා සිටියේ අප දේශය 1948 නිදහස ලැබූ දා පටන් මේ දක්වා ම අනෙකුත් දියුණු රාජ්‍යයන් හඳුන්වන්නේ දියුණු වෙමින් පවතින රටක් ලෙසයි.




