Header Ads

උණුසුම් පුවත්

ඇමෙරිකානු උප ජනපති කමලා හැරිස් සිය සෙනට් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඇමෙරිකාවේ නව උප ජනාධිපති ලෙස තේරී පත් වූ කමලා හැරිස් සිය සෙනට් ධූරයෙන් අද (18) දිනයේ දී ඉල්ලා අස්වන බව වාර්තා වෙයි.

ඒ ඇයගේ නව තනතුර වන ඇමෙරිකානු උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීම සඳහාය.

එමෙන්ම ඇයගේ ඉල්ලා අස්වීම ඇය නියෝජනය කරන ප්‍රාන්තය වන කැල්ෆෝනියා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන ගෙවින් නිව්සොම් හට දැනුම් දී ඇති අතර ඇයගෙන් පුරප්පාඩු වන සෙනට් සභික ධූරය සඳහා නමක් ද ඇය විසින් යෝජනා කර තිබේ.

ලබන 20 වැනිදා කමලා හැරිස් සිය ජනපති ජෝ බයිඩන් සමඟ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර කැපිටල් ගොඩනැගිල්ල ඉදිරියේ දී සිය ධූරයන්ගේ දිවුරුම් දීමට නියමිතව තිබේ.