Header Ads

උණුසුම් පුවත්

බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී ඉහළට


ආනයනික ෆාම් ඔයිල් සහ ආනයනික මාගරින් සඳහා පනවා ඇති බදු වැඩි කිරීම හේතුවෙන් සියලුම බේකරි නිෂ්පාදනවල මිල ඉදිරියේදී ඉහළ දැමීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවැසීය.

එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන පැවැසුවේ වැඩිවන මිල සම්බන්ධව තවමත් තීරණයක් ගෙන නොමැති අතර ඉදිරි සති දෙකේදී මෙම මිල ඉහළ දැමීමට ක්‍රියා කරන බවයි.