Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීති කඩකළ සාදයක් වටලයි – 54 ක් අත්අඩංගුවට


නිරෝධායන නීති උල්ලංඝනය වන ආකාරයෙන් සහ මත්ද්‍රව්‍ය භාවිත කරමින් මැදිරිගිරිය හෝටලයක සාදයක් පවත්වා තිබෙනවා.

එහිදී පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණයින් 39 ක් / තරුණියන් 13 ක් සහ හෝටල් හිමිකරු හා කලමණාකරුද ඒ අතර වන බවයි පොලීසිය සදහන් කලේ.

අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස අතරින් තුන්දෙනෙකු සතුව තිබී මත්ද්‍රව්‍ය හමු වී ඇති අතර ඔවුන් සියලුදෙනාට විරුද්ධව හෙට දිනයේදී හිගුරක්ගොඩ අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.