Header Ads

උණුසුම් පුවත්

ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාපතිවරුන්ගේ ධුරයන් තාවකාලිකව අත්හිටුවයි.


චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් තීන්දුවක් දෙනතෙක් ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරු දෙදෙනාගේ ධුරයන් වහාම ක්‍රියාත්මක වනපරිදි තාවකාලිකව අත්හිටුවීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ධර්මකීර්ති සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන යන අය අදාළ ධුරවලින් ඉවත් කරඇති අතර එහි කටයුතු හා බලතල ක්‍රියාත්මක කිරීම සඳහා උප සභාපතිවරුන් පත් කිරීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ඊට අදාළව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරඇත.

අදාළ සභාපතිවරුන් දෙදෙනා නගර සභා අඥාපනත යටතේ දැක්වෙන වරද සිදුකර ඇත්ද යන්න පිළිබද විමර්ශන සිදුකිරීම සඳහා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරුවරයෙකු ද පත්කර ඇති අතර මාස තුනක කාලයක් තුළ එම විමර්ශනයේ වාර්තාව තමා වෙත ලබාදිය යුතු බවද ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.