Header Ads

උණුසුම් පුවත්

ETI අධ්‍යක්ෂකවරුන් සිව්දෙනා ඇප මත නිදහස්


එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරුන් සිව්දෙනෙකු වන ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ අන අය ඇප මත නිදහස් කර තිබේ.

අද  ඔවුන් පිරිස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස එක් අයෙකුට රුපියල් දස ලක්ෂයක මුුුුුදල් ඇපයක් සහ රුපියල් මිලියන 5ක ශරීර ඇප දෙකක් බැගින් ඇපමත නිදහස් කර ඇත.

ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා ඇති අතර සෑම මසකම අවසන් ඉරිදා දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය විසින් නියෝග කර තිබේ.