Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 11ක වැසියන්ට ජපානයෙන් තහනමක්

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම අද (14) සිට තහනම් කර තිබෙනවා.

කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එරට දේශ සීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් මෙම තහනම පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් වනවා.

කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බවයි වාර්තා වන්නේ.

ජපානයේ කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා.