Header Ads

උණුසුම් පුවත්

බන්ධනාගාර කොරෝනා පොකුරේ සුවය ලැබූ ගණන ඉහළට


බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්‍රයෙන් හඳුනාගත් සමස්ත ආසාදිතයින්ගෙන් 4000කට ආසන්න පිරිසක් මේ වනවිට සුවය ලබා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

බන්ධනාගාර ආශ්‍රයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4274 දෙනෙකු හඳුනාගෙන ඇතිඅතර ඉන් 129 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් ය.

ඊයේ (13) දිනය වනවිට  සමස්ත ආසාදිතයින්ගෙන් 3973 දෙනෙකු සුවය ලබා ඇතිඅතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 291 ක් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.