Header Ads

උණුසුම් පුවත්

ගිය වසර තුල පාරිභොගික අධිකාරියෙන් වැටලීම් 15,923ක්


2020 වසර තුළ වංචනික ලෙස වෙළඳාම් සිදුකරන වෙළඳුන්ට එරෙහිව වැටලීම් 15,923ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කළා.

ඒ අතරින් 14,906 ක් සඳහා නඩු පවරා අවසන් කර ඇති අතර එමගින් රුපියල් කෝටි 06කට අධික මුදලක් දඩ ලෙස අධිකරණය මගින් නියම කර තිබෙනවා.

වෙළඳපොළ තුළදී පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා දිවයින පුරා තවදුරටත් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.