කොළඹ අලුත්කඩේ අධිකරණ ගොඩනැගිලිවල පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සහ අධිකරණ ගොඩනැගිලිවල පවතින අබලන් තත්වයට විසදුම් වශයෙන් හා නඩු කටයුතු කඩිනම් කර නඩු ප්‍රමාදය අවම කිරීමේ අරමුණින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව අතිගරු ජනාධිපතිතුමා ලබා දී තිබෙන ඉලක්ක කරා ගමන් කිරීමේ වැඩ සටහන යටතේ ‘’අධිකරණ පියස’’ නව සංකීර්ණය සදහා ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලිසබ්රි මැතිතුමාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් 2021.01.25 වන දින ඒනම් හෙට දිනයේදී මුල්ගල තබනු ලබයි.
මේ වන විටත් අධිකරණ සංඛ්‍යාව වැඩි කිරීම, ඊට නවීණ තාක්ෂණය (Digitalization) එක් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය වර්ධනය කිරිම යනාදී කරුණු ගණනාවක් සදහා අඩිතාලම දමා ඇති අතර, ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ගෙන තිබේ.



