කොවිඩ් ආසාදිත පුද්ගලයන් 724 දෙනෙකු ඊයේ (23) දිනයේ අලුතින් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
ඊයේ (23) හඳුනාගත් ආසාදිතයන් ගෙන් වැඩි පිරිස වූ 197 කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇත.
එසේම මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 106ක්, අනෙක් ආසාදිතයින් 311 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනා ගෙන තිබේ.
කොවිඩ් වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 57,586ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් පුද්ගලයින් 49,260ක් පූර්ණ සුවය ලබා ඇත.
ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ දැනට ආසාදිතයින් 8,046 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර ආසාදිත මරණ ගණන 280ක් දක්වා ද ඉහළගොස් ඇත.
ඊයේ ආසාදිතයන් හමුවූ ප්‍රදේශ,
කොළඹ – 197
මහනුවර – 110
ගම්පහ – 106
කුරුණෑගල – 40
ගාල්ල – 38
රත්නපුර – 31
කළුතර – 28
මාතලේ – 27
කෑගල්ල – 24
මාතර – 22
පුත්තලම – 21
මන්නාරම – 15
අම්පාර – 13
හම්බන්තොට – 12
වව්නියාව – 9
නුවරඑළිය – 7
පොළොන්නරුව – 7
බදුල්ල – 4
යාපනය – 4
ත්‍රීකුණාමලය – 3
මොනරාගල – 2
කිලිනොච්චිය – 1
මුලතිව් – 1
මඩකලපුව – 1
අනුරාධපුරය – 1




