Header Ads

උණුසුම් පුවත්

UPDATE : පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා ඇහැලියගොඩ දී අත්අඩංගුවට


වාලච්චේන - පූනාන ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයා ඇහැලියගොඩ - පැල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් අනුවයි මොහු අද අත්අඩංගුවට ගෙන ඇත්තේ.ඔහු කොලොන්නාව - මීතොටමුල්ල - විහාර මාවත ප්‍රදේශයේ බේකරියක සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව පුනානි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා.එහි සිටියදී පළා ගිය මෙම පුද්ගලයා ගමන් ගත් මාර්ගය පිළිබදව පොලීසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.