ඊයේ (19) දිනයේ දී මෙරටින් වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 669 ක් වී තිබෙනවා. ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය ආසාදිතයින් 130ක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
ඒ අනුව ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 20කින් ආසාදිතයින් 660ක් වාර්තා වී තිබෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 60ක් හා නුවරින් 48ක්, ගාල්ල 50ක්, මඩකළපුව 38ක්, රත්නපුර 31ක්, කෑගල්ල 29ක්, මන්නාරම 27ක්, වවුනියාව 26ක්, හම්බන්තොට 22ක්, කළුතර 20ක්, මාතලේ 21ක්, මාතර 19ක්, අම්පාර 16ක්, නුවරඑළියෙන් සහ යාපනයෙන් 5න් හා පුත්තලම 4ක් හා අනුරාධපුරය 3ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඒ අනූව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 50,539ක් වන අතර, සුවය ලැබු සමස්තය 46,593ක් ලෙස වාර්තාවී තිබෙනවා.