2021 ජනවාරි 18 වන දින රාත්‍රී කාලයේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකා මුහුදු කළාපයේ අන්තර්ජාතික මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 8 ක් පමණ දුරකින් සිදුවූ අනතුරක් හේතුවෙන් පෙරළීගිය නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් සොයා, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් නාවික හමුදාව විසින් පෙරදින රාත්‍රියේ සිට අඛණ්ඩව සිදු කරමින් සිටී.
අන්තර් ජාතික මුහුදු සීමාව උල්ලංඝණය කරමින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට ඇතුළුව ධීවර කටයුතු වල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි 18 වන දින රාත්‍රියේ කටයුතු කරන ලදී. මෙහිදී නාවික හමුදා යාත්‍රා මඟහැර අත්අඩංගුවට පත්වීම වැළැක්වීම සඳහා ඉතා අනතුරුදායකව යාත්‍රාව හසුරවමින් ආවේගශීලී ලෙස නාවික හමුදා යාත්‍රාවක් සමඟ ගැටීමට සලස්වා පැනයාමට උත්සාහ කල එක් ධීවර යාත්‍රාවක් සමතුලිතතාවය ගිළිහී පෙරළී යාම හේතුවෙන් මුහුදේ ගිලී ගොස් අනතුරට පත්වී ඇත. එමෙන්ම මෙම ගැටීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට ද අලාභහානි සිදුවී ඇති අතර, එය කංකසන්තුරය වරාය වෙත ආරක්‍ෂාකාරීව අළුත්වැඩියා කටයුතු සඳහා රැගෙනවිත් තිබේ.
අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් සොයා, සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් එදින රාත්‍රියේම ක්‍රියාත්මක කරන ලද අතර, නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක්ද ඇතුළුව නෞකාවන් හා යාත්‍රා මේ වන විටත් අදාල මුහුදු ප්‍රදේශයේ එම මෙහෙයුමේ නිරතව සිටීන බව වාර්තාවේ.