Header Ads

උණුසුම් පුවත්

ජනවාරි මාසය අග වනවිට මෙරට අවදානම් වන බව GMOA අනතුරු ඇඟවීමක්


උපක්‍රමශීලී ප්‍රවේශ රටට ගැලපෙන පරිදි වෙනස් කරමින් ඉදිරියට ගමන් නොකළහොත් ජනවාරි මාසය අග වනවිට මෙරට කොවිඩ් වසංගතය තවදුරටත් අවදානම් තත්වයකට පත්වනු ඇති බවට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අනතුරු අගවනවා.

සංකූලතා සහිත කොරෝනා රෝගීන් යොමුකරන මධ්‍යස්ථානවල ඇදන් හිගවීමේ බරපතල අර්බුදයකට මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණදී ඇති බවද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ.

 දෛනිකව වාර්තාවන කොරෝනා රෝගීන් අතුරින් සියයට 50 ක ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවලින් වාර්තාවීමේ ප්‍රවණතාවක් මේ වනවිට දක්නට ලැබෙන බවයි වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙහිදී අනාවරණ කළා