Header Ads

උණුසුම් පුවත්

සංචාරකයන් වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට රජය තීරණය කරයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් නව ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට රජය තීරණය කර ඇතිබව  සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

වීසා බලපත්‍ර ලබාගැනීමේදී මෙම යෙදුම හරහා රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සංචාරකයන්ට අනිවාර්ය කිරීමට අධිකාරිය තීරණය කර ඇත.

ජනවාරි මස අවසානය වන විට දියත් කිරීමට නියමිත “Sri Lanka Tourism” නමින් හැඳින්වෙන මෙම යෙදුමට රක්ෂණ යෝජනා ක්‍රමයට අමතරව පී.සී.ආර්. පරීක්ෂණ ගාස්තු සහ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් විසින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ තොරතුරුද ඇතුළත් වේ.