Header Ads

උණුසුම් පුවත්

කොස්ගොඩින් අයිස් කිලෝ 18 ක් සොයාගැනේ


කොස්ගොඩ - හෑගල්ල ප්‍රදේශයේදී ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් තුළ තිබී අයිස් කිලෝග්‍රෑම් 18 හා තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී  මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත්  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  මහතා ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙම මත්ද්‍රව්‍ය තොගය ඉන්දියාවට පළාගොස් එහිදී මියගිය බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන ලැටී නැමත්තා විසින් මෙම ජාවාරම මෙහෙයවා ඇතිබව පොලිසිය සැක පළ කරනවා.