වැඩතහනමකට ලක්වු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පරීක්ෂණයකට යටත්ව නැවත සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව ඔහු සේවයේ නැවත පිහිටුවීමට අදාළ ලිපිය නිකුත් කිරීමට නියමිත බව ද සඳහන්ය.
දැනට බරපතළ වැඩ සහිතව බන්ධනාගාරගත කර සිටින රන්ජන් රාමානායක මහතා සමඟ අධිකරණ කටයුතු පිළිබඳ ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා පසුගිය වසරේ ජනවාරි 21 වන දින අධිකරණ සේවා කොමිසමේ නිර්දේශ අනුව වැඩතහනමට ලක්විය.
ඒ අනුව වැඩතහනමට ලක්ව සිටි මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට ද අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට උපදෙස් ලබාදී තිබුණු අතර මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක් බව නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටින ලදි.
වැඩ තහනමකට ලක්ව සිටි මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා විසින් 2020 පෙබරවාරි මස 19 වන දින තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගය නිකුත් කරන මෙන් ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව අභියාචනාධිකරණය විසින් නිසි අධිකරණය නියෝගයකින් තොරව වැඩ තහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස නියෝග කළේය.
ඉන් අනතුරුව ඔහුට එරෙහිව නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත් වු නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා 2020 ජූනි මස 8 වන දින අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.