මෙරට පැමිණ සිටින යුක්රේන සංචාරකයන්ට දෙහිවල සතුන්වත්ත ඇතුළු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ස්ථාන නැරඹීම සඳහා අවසර දිය නොහැකි බව රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක පවසයි.
යුක්රේන ජාතිකයන්ට සත්වෝද්‍යානය නැරඹීම සඳහා තමන් වෙත ඉල්ලීමක් ලැබී ඇතත්, ජනාධිපතිවරයාගේ උපදෙස් නොමැතිව කිසිදු පියවරක් නොගන්නා ලෙස සත්වෝද්‍යාන පාලනාධිකාරියට තමන් විසින් දැනුම් දී ඇතැයි ඇමැතිවරයා පැවසීය.
දෙහිවල ජාතික සත්වෝද්‍යානය ඇතුළු අනෙකුත් ස්ථාන සංචාරකයන් සඳහා විවෘත කිරීමේ දිනයක්ද මෙතෙක් තීරණය කර නැති අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමන ලද පින්නවල සත්වෝද්‍යානය, පින්නවල අලි සංරක්ෂනාගාරය, පින්නවල සෆාරි උද්‍යානය ඇතුළු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ආයතන සංචාරකයින් සඳහා මෙතෙක් විවෘත කර නැත.