ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක්- ශ්‍රි ලංකාවේ වියට්නාම් තානාපතිනි

 

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක් පවතින බව කොළඹ වියට්නාම් තානාපතිනිය සමු ගනිමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර කෘෂිකර්මාන්තයේ සහ ධීවර අංශයේ සහයෝගීතාව සඳහා විශාල ඉඩ ප්‍රස්තාවන් පවතින බව කොළඹ වියට්නාම් තානාපතිනි ෆාම් තිබිච් න්ගොක් මහත්මිය සදහන් කළාය. ඇය සිය ශ්‍රී ලංකා තානාපති ධුර කාලය අවසන් කොට සමු ගැනීම සඳහා ඉකුත් 12 වනදා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වූ අවස්ථාවේ මේ බව සඳහන් කළාය.

වියට්නාමයට ඔවුන්ගේ විශිෂ්ඨ පරිචයන්, දැනුම සහ තාක්‍ෂණික හුවමාරුව විශේෂයෙන් බෙදාහදා ගත හැකි බව වියට්නාම තානාපතිවරිය පැවසුවාය. ටින් කිරීමේ කර්මාන්තය, විශේෂයෙන් මත්ස්‍ය ටින් කිරීම, මත්ස්‍ය ආහාර නිෂ්පාදනය වැනි කරුණු වියට්නාමය විසින් ශ්‍රී ලංකාවට ආධාර කළ හැකි ක්ෂේත්‍ර බව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය.

ධීවර ක්‍ෂේත්‍රයේ මෙවැනි සහයෝගීතාවන් ග්‍රාමීය මසුන් ඇල්ලීම සහ මඩකලපුවේ හා මුලතිව් හි මත්ස්‍ය වගාව නංවාලීම සඳහා ඉවහල් වන බව තානාපතිවරිය පැවසුවාය. කෘෂිකාර්මික අංශයේ සහයෝගීතාව පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින්, කෝපි, ගම්මිරිස් සහ රබර් සම්බන්ධයෙන් විශාල අවස්ථාවක් පවතින බවත්, වියට්නාමයට එම වගාවන් සඳහා දැනුමක් ලබා දිය හැකි බවත් තානාපතිවරිය අවධාරණය කළාය. දෙරට අතර වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීම සඳහා වරණීය වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම වැදගත් වන බවට දෙදෙනාම එකඟ වූහ.

සංචාරක කටයුතු, ප්‍රජාතන්ත්‍රවාදය සහ අධ්‍යාපන සහයෝගීතාව යන අංශවල සබඳතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය. එපමණක් නොව, නොබැඳි ව්‍යාපාරයේ දී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කළ වියට්නාමයේ ශ්‍රේෂ්ඨ නායක හෝ චි මිං මැතිතුමා සහ වියට්නාම විප්ලවවාදී රජයේ විදේශ අමාත්‍ය ගුයීන් ති බින් මැතිනිය ශ්‍රී ලංකාව සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතා පිළිබඳව ද අමාත්‍යවරයා සඳහන් කළේය. ජාතික ආරක්ෂක තර්ජන මඟහරවා ගැනීම සඳහා, ජාත්‍යන්තර වේදිකාවල දී මිත්‍රශීලී හවුල්කාරිත්වයේ පවතින වැදගත්කම පිළිබඳව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. වියට්නාම තානාපතිවරිය, ආසියාන් හි ආංශික සංවාද හවුල්කාරිත්ව තත්ත්වය සඳහා ශ්‍රී ලංකාවේ අපේක්ෂකත්වයට සිය පූර්ණ සහයෝගය පළ කළාය.

 2020 වසරේ දී, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීම පිළිබඳ 50 වැනි සංවත්සරය ශ්‍රී ලංකාව සහ වියට්නාමය විසින් සමරනු ලැබීය. වියට්නාමය සහ ශ්‍රී ලංකාව සියවස් ගණනාවක් පුරා ගැඹුරු මුල් බැසගත් මිත්‍ර සබඳතා භුක්ති විඳ තිබේ. මෙම සබඳතාවය සංස්කෘතික හා ඓතිහාසික සමානකම් මත පදනම් වී ඇති අතර, වඩාත්ම වැදගත් කරුණ ලෙස බුද්ධාගම පිළිබඳ පොදු උරුමය දෙරටේ ජනතාව අතර ශක්තිමත් බැඳීමක් ලෙස පවතී. 17 වැනි සියවස හා ආසන්න කාලයක දී බුද්ධාගම දකුණු වියට්නාමයට හඳුන්වා දුන් බව ඓතිහාසික වාර්තාවලින් දැක්වෙන අතර, දකුණු වියට්නාමයේ ථේරවාද බුද්ධාගම ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේලා දායක වූ බව ද විශ්වාස කෙරේ.

 ජනාධිපති හෝ චි මිං මැතිතුමාගේ 124 වැනි උපන්දිනය සැමරීම සඳහා 2014 දී ශ්‍රී ලංකාව මුද්දරයක් නිකුත් කළේය. ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාව 2013 නොවැම්බර් 23 වැනි දින කොළඹ මහජන පුස්තකාලයේ දී ජනාධිපති හෝ චි මිං මැතිතුමා ගේ උඩුකයෙහි මූර්තියක් ද එළිදැක්වීය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක්- ශ්‍රි ලංකාවේ වියට්නාම් තානාපතිනි
ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර කෘෂි හා ධීවර යන අංශවල සහයෝගීතාවයට වැඩි ඉඩක්- ශ්‍රි ලංකාවේ වියට්නාම් තානාපතිනි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgejZpOZtJl9xFUZ7MLgH0lGCEfgpiEUpNWzqphC_6dxcTvFbjeCotObwFkCauyLWs3W_SXkvtVD3rNjnQSJGwNReM1YfCcBDNe3A7xtOgwiuRxpUB1hT3msNsv3vn0ZMGI4kQbMqjEKlI/s16000/Image-Top-Layout+%252884%2529.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgejZpOZtJl9xFUZ7MLgH0lGCEfgpiEUpNWzqphC_6dxcTvFbjeCotObwFkCauyLWs3W_SXkvtVD3rNjnQSJGwNReM1YfCcBDNe3A7xtOgwiuRxpUB1hT3msNsv3vn0ZMGI4kQbMqjEKlI/s72-c/Image-Top-Layout+%252884%2529.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/Vietnam-srilanka-development-meet-up.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/Vietnam-srilanka-development-meet-up.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content