ශ්‍රී ලංකාවෙන් ඊයේ (14) දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 670 දෙනෙකු වාර්තා වුණා.
ඒ අනුව මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඞ් පොකුර 47,127 දක්වා ඉහළ ගියා. ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 50,899 ක් බවට පත්වුණා.
ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 670 දෙනා අතුරින් 214 දෙනෙකු සටහන්වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඞ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 6,905 ක්.
මෙරට කොවිඩ් ආසාදිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 43,747 ක්. ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් ආසාදිත මරණ 251 ක් වාර්තා වී තිබෙනවා.