Header Ads

උණුසුම් පුවත්

බේරුවල ප්‍රා. ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය තාවකාලිකව වසා දමයි

 

බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශය අද (15) සිට ලබන සදුදා තෙක් තාවකාලිකව වසා දමා තිබේ.

බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා පැවසුවේ එම කාර්යාලයේ නිලධාරිනියක් කොවිඩ් 19 ආසාදිතයෙකු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එම නිලධාරිනිය ගාලු පාර මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේදී සිය කැමැත්තෙන් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවක් සිදුකර ගෙන ඇත.

එහි පරීක්ෂණ වාර්තාවලට අනුව ඇය කොවිඩ්-19 වෛරස ආසාදිත බවට තහවුරු කර ගත් බව බේරුවල ප්‍රාදේශීය ලේකම්වරයා සදහන් කරයි.

මේ වන විට අදාළ කාර්යාල පරිශ්‍රය විෂබීජ හරණයට ලක් කර තිබේ.