සුරකිමු මුතුරාජවෙල සංවිධානය විසින් ගොල්ෆ් ක්‍රීඩාංගණයක් හා තවත් ඉදිකිරීම් සඳහා මුතුරාජවෙල තෙත් බිම් අභය භූමියේ අක්කර 700ක් ගොඩ කිරීමට එරෙහිව ඊයේ ජා-ඇල නගරයේ දී උද්ඝෝෂණයක් පවත්වදි.
පෞද්ගලික සමාගම් කිහිපයක් එක්වී මෙම ගොඩකිරීම් සිදු කරන බව උද්ඝෝෂණයට එක්වී සිටි පිරිස සඳහන් කරන ලදි. මුතුරාජවෙල ගොඩකිරීමේ කටයුතු සදහා රාජ්‍ය ආයතන කිහිපයකම සහයෝගය ද ලැබී තිබෙන බවද තවද වත්මන් රජය පරිසරය සුරකින බවට ජනතාවට ප්‍රතිඥා දී බලයට පැමිණියද අද පරිසරය විනාශය හමුවේ ආණ්ඩුව නිහඬ බවද රාජ්‍ය නිලධාරීන් මුතුරාජවෙල ගොඩකිරීම සදහා අවසර ලබා දෙන්නේ දේශපාලන අවශ්‍යතා මත බවද ඔවුහු පැවසූහ.
මෙම උද්ඝෝෂණයට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පළාත් සභාමන්ත්‍ර මහින්ද ජයසිංහ ඇතුළු ජනතා නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් එක්ව සිටි අතර විරෝධතාවය සදහා පොලිස් ආරක්ෂාව ද යොදා තිබිණි.