“Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (Photo)

කොළඹ නගරය ආශ්‍රිත වාහන තදබදයට පිළියමක් ලෙස හඳුන්වා දෙන “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අද (15) පෙරවරුවේ ආරම්භ කෙරිණ.

මෝටර් රථයෙන් සහ යතුරු පැදියෙන් ගමන් ගන්නා මගීන් සඳහා සුවපහසු, ආරක්ෂිත පොදු ප්‍රවාහන බස්රථ සේවාවක් සැපයීම මගින් කොළඹ සහ තදාසන්න නගර වලට ගමන් කරන වාහන සංඛ්‍යාව අඩු කිරීම මෙහි අරමුණයි. පරිසර දූෂණය, වැයවන කාලය සහ මගීන්ගේ මානසික පීඩනය අවම කිරීම ද අපේක්ෂා කෙරේ.

ආසන ගණනට මගීන් රැගෙන යාමට සුඛෝපභෝගී බස්රථ පමණක් යොදා ගැනේ. අයකෙරෙන මුදල සාමාන්‍ය බස් රථ ගාස්තුව මෙන් දෙගුණයකි. නැවතුම්පොළ සීමිත සංඛ්‍යාවකින් පමණක් මගීන් නංවා ගැනීම, අඩු කාලයකින් ගමනාන්තය කරා ළඟාවීම, ආචාරශීලී, සුහදශීලී හා ආකර්ශණීය ප්‍රවාහන සේවාවක් සැලසීම, තාක්ෂණය උපයෝගී කරගෙන දිනපතා කෙරෙන පසුවිපරම සහ  Clock Wise  හා Anti Clock Wise ගමන් වර්ග දෙකක් ක්‍රියාත්මක වීම වැඩසටහනට අයත් වේ.

මගීන්ට සිය මෝටර් රථය බහුවිධ මධ්‍යස්ථානයට අයත් රථ ගාලෙහි මුදල් ගෙවීමකින් තොරව නතර කර තැබීමට පහසුකම් සලසා තිබේ. වැඩසටහනෙහි ප්‍රගතිය සැලකිල්ලට ගෙන වාහන නවතා තැබීමේ ඉඩ පුළුල් කිරීමට අපේක්ෂා කෙරේ. පෙ.ව 06.00 සිට පෙ.ව 08.00 සහ ප.ව 04.00 සිට ප.ව 09.00 දක්වා විනාඩි 15 කට වරක් බස් රථ ධාවනය කරනු ලැබේ.

පෙ.ව 08.00ත් ප.ව 04.00 ත් අතර කාලය තුළ බස් රථ ධාවනය වන්නේ විනාඩි 25කට වතාවකි.  දිනකට  ගමන් වාර 64ක් සිදු කෙරේ.
වාහන නියාමන බස් රථ සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය එක්ව පොදු ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක කරයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව යන ආයතනවල දායකත්වය ද ඊට හිමි වේ.

ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ආකාරය සහ බස් රථ කාල සටහන පිළිබඳව තොරතුරු දැන ගැනීමට ප්‍රවාහන අමාත්‍යාංශය හඳුන්වා දී ඇති විශේෂ ඛේතය (APP) පිළිබඳව ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

නව සේවාව සඳහා යොදවා ඇති බස් රථයක ගමන් කළ ජනාධිපතිතුමා එහි පහසුකම්  නිරීක්ෂණ කළේය. ඔරේන්ජ් සමාගම ව්‍යාපෘතියට සමගාමීව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ස්ථාපනය කළ ස්වයං අළෙවි හළ  (OREL UNMANNED STORE) ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණ. ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම යන මහත්වරු, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 








Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: “Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (Photo)
“Park & Ride” බස් රථ සේවාවේ පළමු අදියර ජනධිපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (Photo)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiROPA8A5fER1pFxWytY5QgKZkVtPPFTac4Mm-f1dpEmgbJrsuL57ZwlSLW3XJNobeL8g3syKga_ZHYP94Ace2I9-gDNlB-13Tq3JIAq9iM9rQlMG0E6kQeAZoOtcx9PpgQdr3ooPU69l4/s16000/139272861_1822091407956166_6785181251997070187_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiROPA8A5fER1pFxWytY5QgKZkVtPPFTac4Mm-f1dpEmgbJrsuL57ZwlSLW3XJNobeL8g3syKga_ZHYP94Ace2I9-gDNlB-13Tq3JIAq9iM9rQlMG0E6kQeAZoOtcx9PpgQdr3ooPU69l4/s72-c/139272861_1822091407956166_6785181251997070187_o.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/parkride-city-bus-opening-ceremoney.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/parkride-city-bus-opening-ceremoney.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content