Header Ads

උණුසුම් පුවත්

NVQ පුහුණුව සමඟ මෙරට කාන්තාවන්ට විදෙස් රැකියා අවස්ථා


සෞදි ආරාබිය වෙත රැකබලා ගැනීමේ සහ හෙද අංශවල රැකියා සඳහා ශ්‍රී ලාංකික කාන්තාවන් යොමු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා.

ඊට අදාළ නියමු වැඩසටහනක් සඳහා එරට ප්‍රධාන පෙළේ සමාගමක් එකඟතාව පළකර ඇති බව සඳහන්.

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ අදාළ මිනිස්බල සමාගමේ කළමානාකාරීත්වය අතර ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථක වී ඇති බව ද වාර්තා වෙනවා.

සෞදි ආරාබිය තුළ ශ්‍රී ලාංකික සංක්‍රමණික කම්කරුවන් සඳහා රැකබලා ගැනීමේ ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් ද පවතිනවා

මේ වන විටත් ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහස්ථව සහ පුද්ගලික අංශවල එම රැකියාවල නිරත වුවද ඔවුන් විශේෂිත පුහුණුවක් නොලැබුවන් බැවින් ඉහළ වැටුපක් හිමි වන්නේ නැහැ.

ඒ හේතුවෙන් මෙරට තුළදී ඔවුන්ට NVQ පුහුණු පාඨමාලා පවත්වා රැකියා සඳහා යොමුකිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගගෙන ඇති බවද සෞදියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පවසනවා.