නාගොඩ මහ රෝහලේ කොරෝනා සැකසහිත වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක සහ තවත් පුද්ගලයකු ඊයේ (15) දහවල් රෝහලින් පැනගොස් තිබෙනවා.
කොරෝනා සැකසහිත රෝග ලක්‍ෂණ මතුවීම හේතුවෙන් ජනවාරි 14 වැනිදා රෝහල්ගත කර ඇති කාන්තාව එදිනම පී.සී.ආර් පරීක්‍ෂණයකට යොමුකර ඇති අතර පරීක්‍ෂණ වාර්තා ලැබීමට පෙර ඇය මෙලෙස රොහලෙන පැනගොස් තිබෙනවා.
ඊයේ පෙරවරුවේ වාට්ටු අංක 3 ට ඇතුළත් කර ඇති පිරිමි පුද්ගලයා ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයක් සිදුකිරීම සඳහා සොයා බැලීමේදී පැනගොස් ඇති බවට හෙලිවී තිබෙනවා.
මෙසේ රෝහලින් පැනගොස් ඇත්තේ උතුරු කළුතර සුජාතා වැඩිහිටි නිවාසහි පදිංචි 22 හැවිරිදි කාන්තාවක සහ අගලවත්ත යටියන ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.
මෙවුන් සොයා පොලිසිය සහ සෞඛ්‍ය අංශ විශෙෂ පරීක්‍ෂණයක් මේවනවිට අරඹා තිබෙනවා.