වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹිමේ සූදානමක්


වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති ප්‍රසන්න ගමගේ මහතා හා වියට්නාමයේ හෝ චි මිං නුවර පිහිටි වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ (VCCI) උප සභාපති සහ සාමාන්‍ය අධ්‍යක්ෂ වෝ ටැන් තාන් මහතා අතර ඉකුත් 11 වැනි දා පැවැති සාකච්ඡාවකදී ආගමික හා සංස්කෘතික සංචාරක කටයුතු ප්‍රවර්ධනට දෙරට අතර ඍජු ගුවන් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා වියට්නාමයේ හා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබෙනවා.

 

සංචාරක කටයුතු සීමා කොට ඇති කොවිඩ්-19 කාල සීමාව තුළ දී වෙළඳ, ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා සඳහා පහසුකම් සැලසීම පිණිස, ද්විපාර්ශ්වික වෙළඳාම, ආයෝජන සහ සංචාරක අපේක්ෂාවන් මෙන්ම පවත්නා නීතිමය උපකරණ මෙන්ම වෙබ්නාර්, වීඩියෝ සම්මන්ත්‍රණ වැනි නව මාධ්‍යයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී ඔවුහු සමාලෝචනය කළහ.

 

වෙළඳ, සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ගමගේ මැතිතුමා වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයට සහ උප සභාපති තාන් මහතාට සිය ස්තූතිය පුද කළේය. මේ වසරේ දී තානාපති කාර්යාලය විසින් සිදු කරනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා VCCI හි සහාය ලබා දෙන ලෙස එතුමා ඉල්ලා සිටියේය. ‍ඊට ප්‍රතිචාර දක්වමින්, VCCI හි පූර්ණ සහයෝගය ලබා දෙන බවට තාන් මහතා සහතික වූ අතර, හෝ චි මිං හි පැවැත්වෙන වඩාත්ම කැපී පෙනෙන ප්‍රවර්ධන වැඩසටහන් දෙක වන මෙම වසරේ අග භාගයේ දී පැවැත්වීමට නියමිත වියට්නාම් එක්ස්පෝ 2021 (VN Expo) සහ ජාත්‍යන්තර සංචාරක එක්ස්පෝ 2021 (ITE) සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

මෙම ප්‍රදර්ශන දෙක සඳහා අදාළ කර්මාන්තවල ප්‍රධාන පාර්ශ්වකරුවන් විශාල සංඛ්‍යාවක් සහභාගී වන අතර, එමඟින් නව හවුල්කාරීත්වයන් හා සබඳතා ගොඩනැගීම සඳහා ශක්තිමත් වේදිකාවක් සපයයි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සේවාවක් ආරම්භ කීරිමෙන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව තාන් මහතා මෙහි දී පෙන්වා දුන්නේය. දෙරට අතර වෙළඳ, ව්‍යාපාර සහ සංචාරක කටයුතු වැඩි දියුණු කිරීම සඳහා පවතින ප්‍රධාන බාධකය ලෙස පුද්ගලාන්තර සබඳතා අවම වීම බව ඔහු පෙන්වා දුන්නේය. දෙරට අතර නිරන්තර හා පහසු ගමන් බිමන් තුළින් අන්තර් ක්‍රියාකාරීත්වය ඉහළ නංවන අතර, එමඟින් ජනතාව අතර අභ්‍යන්තරික ධනාත්මක බවක් ඇති වන බව ඔහු පැවසීය. සෘජු ගුවන් සම්බන්ධකතාවයක් ස්ථාපිත කිරීම ශ්‍රී ලංකා බලධාරීන්ගේ අවධානයට ලක්ව ඇති බවත්, ජනතාව අතර සම්බන්ධතා වැඩි කිරීම පිළිබඳව උප සභාපතිවරයාගේ අදහසට එකඟ වූ බවත් තානාපති ගමගේ මැතිතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

VN Expo සහ ITE 2021 සඳහා සහභාගීත්වයට අතිරේක වශයෙන් මෙම වසර තුළ දී ප්‍රවර්ධනය කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් අංශ කෙරෙහි අවධානය යොමු කරමින් වෙබිනාර් සාකච්ඡා කිහිපයක් පැවැත්වීමට තාන් මහතා සහ තානාපති ගමගේ මැතිතුමා එකඟ වූහ.

හෝ චි මිං හි වියට්නාම් වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ අන්තර්ජාතික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ න්ගුයෙන් වැන් ටුවාන් මහතා සහ අංශ භාර නිලධාරි න්ගුයෙන් ක්වින් නු මහත්මිය ද මෙම රැස්වීමට සහභාගී වූහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹිමේ සූදානමක්
වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ඇරඹිමේ සූදානමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjP8D9r8CdeTGKQgPEXrILAcynxzSC0whXvNIIZPTlX0hGJAWiYUvAaYvMS6D92bcxozpbor2VHly46Y8-ZOCVb8_pB9nClkVXfxYwjNFWF7Lat6uCGodlrYqNC_auKOEziJtxLA4MaEUI/s16000/Sri-Lanka-Vietnam-eye-direct-flights-aviation-voice.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjP8D9r8CdeTGKQgPEXrILAcynxzSC0whXvNIIZPTlX0hGJAWiYUvAaYvMS6D92bcxozpbor2VHly46Y8-ZOCVb8_pB9nClkVXfxYwjNFWF7Lat6uCGodlrYqNC_auKOEziJtxLA4MaEUI/s72-c/Sri-Lanka-Vietnam-eye-direct-flights-aviation-voice.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/blog-post_68.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/blog-post_68.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content