ගාල්ල කොටුවේ ඕලන්ද පැරණි රෝහල් නවීකරණය කරන ලද ගොඩනැගිල්ලේ වෙළඳුන්ට රජයෙන් සහන


ගාලු කොටුවේ ඕලන්ද පැරණි රෝහල් ගොඩනැගිල්ලේ අවන්හල්, නිමි ඇඳුම්, මැණික් හා ස්වර්ණාභරන වැනි ව්‍යාපාර කටයුතුවල නිරතවූවන් ට, රටේ පවත්නා වත්මන් කොවිඞ් - 19 තත්වය හේතුවෙන් ඇති අර්බදය හමුවේ අඩාල වී ඇති ව්‍යාපාර යළි නගා සිටුවීමට ඇති හැකියාව මෙන් ම රජයෙන් ලබාදිය හැකි විසඳුම් සහ සහන කෙබඳු ද යන්න විමසීමට එම ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීම මත කැඳවා තිබූ සාකච්ඡාවක දී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා එම ව්‍යාපාරිකයන්ට සහන කිහිපයක් ම ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රකාශ කළේ ය.

මෙම වසංගතය ඇරඹුණු 2020 වසරේ පෙබරවාරි මස සිට මේ දක්වා නොගෙවා තිබූ මාසික හිඟ කුලී මුදල්වලින් 50% ක් කපා දැමිය හැකි බව මෙහිදී ප්‍රකාශ විය.

අර්බුදයට ලක්ව සිටින ව්‍යාපාරිකයින් සියළු ම දෙනා මෙම සහන ලැබීමට සුදුසුකම් ලබන බවත් එම සහන ලැබීමට සියළු ව්‍යාපාරිකයන් නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමකට එළඹිය යුතු බවත් එම ගිවිසුමට අනුව ප්‍රථමයෙන් ම ගිඟ මුදල් ගෙවීම ඇරඹිය යුතු බවත් දන්වන ලදී.

මීට අමතරව ඉදිරියේ දී ලබා දිය හැකි වෙනත් සහන පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ දී අවධානයට යොමු කරන බව ද අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව සහ නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ අධික්ෂණයෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට ඕලන්ද පැරණි රෝහල් ගොඩනැගිල්ලේ ව්‍යාපාරිකයන්, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඊ.ඒ.සී. ප්‍රියශාන්ත, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක එච්.ජී. සරත්චන්ද්‍ර මහත්වරු සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා සඳහන් කළේ ඕලන්ද පැරණි රෝහල ගොඩනැගිල්ලේ ව්‍යාපාරික සංගමයේ වෙළඳුන්ට පමණක් නොව මුළු මහත් රටේ ම ව්‍යාපාරික ප්‍රජාවට කොරෝනා වසංගතයෙන් බලපෑමක් සිදු වී ඇති බවයි.

“2010 ඉදලා 2015 දක්වා ම අපි කරපු සංවර්ධන ව්‍යාපෘති දිහා බැලුවා ම ගාල්ල ඕලන්ද පැරණි රෝහල ගොඩනැගිල්ල 2014 විවෘත කළා. ඒ අනුව මේ සියළුම දේ අතිගරු ජනාධිපතිතුමා ඒ කාලයේ නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ කළේ ජනතාවටත් අවස්ථාවක් ලබා දෙන්න මේ වගේ රජයේ ආයතනයකට අයිති වෙළඳ කුටියක වෙළඳාමක නිරත වෙලා එයාලගේ ජීවීකාව කර ගන්න. අපි මේ ලබා දීලා තියෙන සියළුම පහසුකම් දිහා බැලුවාම ඒවා දුන්නේ සාමාන්‍ය ජනතාවට. ඒ අනුව තමයි එතුමා ජනාධිපතිතුමා වුණාට පස්සේ එතුමා කිව්වා මේ අය බොහෝම අමාරුවෙන් තමයි මේ වෙළඳාම් කරගෙන යන්නේ මේ වෙළඳ කුටි තුළ. අද අපි මේ රැස් වුණේ මේ ව්‍යාපාරික ප්‍රජාවගේ සියළුම ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවාට විසඳුම් ලබා දෙන්න. නාගරික සංවර්ධන අධිකාරිය යනු රටේ එසේ මෙසේ අනාගතයක් නොව එය මුළු රට ම සංවර්ධනයට යොමු කරවීම සඳහා අවස්ථාව ලබා ගැනීමට සුදුසු ම තැනක් බවත් ය. කොවිඞ් - 19 වසංගතය ඇරඹුණු පෙබරවාරි මස සිට ගෙවිය යුතු මාසික හිඟ වාරික කුලී මුදලින් 50% ක් අපි කපා දැමීමට කටයුතු කරනවා. ඒ වගේ ම අධිවේගී මාර්ග පිවිසුමේ නාම පුවරුව සවිකර දීම අධිකාරිය මඟින් සිදු කරදෙන දෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව පාරිභෝගිකයන් ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ද අපි ඉදිරියට කටයුතු සිදු කරනවා.” යනුවෙන් ද නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ප්‍රකාශ කළේ ය.

මෙම හමුවට සහභාගී වූ ඕලන්ද පැරණි රෝහල ගොඩනැගිල්ලේ ව්‍යාපාරික සංගමයේ කළමණාකරු සම්පත් පෙරේරා මහතා ප්‍රකාශ කළේ පවත්නා තත්වය යටතේ පාරිභෝගිකයන්ගේ අඩුවක් පවතින බවත්, පාරිභෝගිකයන් ගෙන්වා ගැනීම සඳහා කඩිනමින් වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත් ය.


“අපට ප්‍රශ්න තිබුණා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කරලා අපි ඒවා විසඳගත්තා. මේ අපගේ ව්‍යාපාර සම්පූර්ණයෙන් ම රැදී පවතින්නේ විදේශීය පාරිභෝගිකයන් මතයි. කාලය තුළ දී දේශීය ජනතාව පමණක් දැනට පැමිණෙනවා. විදේශීය ජනතාවගේ පැමිණීමක් සිදු වන්නේ නැහැ මේ කොරෝනා ප්‍රශ්නය නිසා. ගාල්ල අධිවේගි මාර්ග පිවිසුමෙන් නගරයට පැමිණෙන විදේශීය සංචාරකයන්ට ඕලන්ද පැරණි රෝහල ගොඩනැගිල්ලේ පිහිටි ඔවුන්ගේ ව්‍යාපාර හඳුනාගැනීම සඳහා නාම පුවරු සවි කිරීමට අවශ්‍ය යි. අපි බලාපොරොත්තු වෙනවා අපිට මේකෙන් හොඳ ප්‍රතිඵල අපිට ලැබෙයි කියලා. ඒ වගේ ම තමයි අද අපේ සාකච්ඡාව ඉතාමත් ම සාර්ථකයි.”යනුවෙන් ද ඕලන්ද පැරණි රෝහල ගොඩනැගිල්ලේ ව්‍යාපාරික සංගමයේ කළමණාකරු සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ ය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගාල්ල කොටුවේ ඕලන්ද පැරණි රෝහල් නවීකරණය කරන ලද ගොඩනැගිල්ලේ වෙළඳුන්ට රජයෙන් සහන
ගාල්ල කොටුවේ ඕලන්ද පැරණි රෝහල් නවීකරණය කරන ලද ගොඩනැගිල්ලේ වෙළඳුන්ට රජයෙන් සහන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6nfvTtvjRsIoN6zTRN3966jV__muG7_KH-D1vCKNGU4ZPS_4uOsrPgDgnzbckv2X9UVY4_LX9wGzu20ZQ70HO8Lm1PNMNZcEFqdIdgT8IrOFt2TsPE9lbVLSAFK-o9khO_OOaRfG-3AA/s16000/posts_Sk4PxXgmKabAJWWzo_1462961202456-shutterstock_278631758_.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6nfvTtvjRsIoN6zTRN3966jV__muG7_KH-D1vCKNGU4ZPS_4uOsrPgDgnzbckv2X9UVY4_LX9wGzu20ZQ70HO8Lm1PNMNZcEFqdIdgT8IrOFt2TsPE9lbVLSAFK-o9khO_OOaRfG-3AA/s72-c/posts_Sk4PxXgmKabAJWWzo_1462961202456-shutterstock_278631758_.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/blog-post_1.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/blog-post_1.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content