Header Ads

උණුසුම් පුවත්

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගම්පහින්


ඊයේ දිනය තුළ මෙරටින් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 695 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එහි වැඩිම සංඛ්‍යාව වූ 41 දෙනෙකු මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණා.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 147 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනාගෙන තිබුණේ මරදානෙන් වන අතර, එම සංඛ්‍යාව 21 ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළා.