සංහිඳියාව බිඳ වැටෙන අයුරින් මුහුණු පොත හරහා ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයට භික්ෂූන් වහන්සේලා ඇතුළු විවිධ පාර්ශව වලට අපහාස වන ආකාරයෙන් විවිධ ප්‍රකාශ මුහුණුපොත හරහා නිකුත්කර ඇති බව හා සැකකරු ඔහුගේ ව්‍යාපාර රැසක් බිඳවැටී තිබියදී ද විශාල ධනවතෙකු මෙන් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන සැකකරු නීති විරෝධී අයුරින් මුදල් උපයන්නේද යන්න සැක සහිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.