ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් සමාගම සහ එහි සභාපතිවරයාට අපහාසාත්මක වන පුවත් විකාශය කිරීම වළක්වාලමින් MTV චැනල් පුද්ගලික සමාගම වෙත පනවා ඇති වාරණ නියෝගය මේ මස 18 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කර තිබේ.
එම නඩුව අද (13) කොළඹ අතිරේක දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී අතිරේක දිසා විනිසුරුවරයා විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශකළේ මෙම නඩුව තමන් විමසීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය විරෝධය පළ කරන හෙයින් තමා මෙම නඩුව විමසීමෙන් ඉවත්වන බවය.
පැමිණිලිකරුවන් සඳහන් කර ඇත්තේ කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිත කරන “රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල” ආනයනය කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර MTV චැනල් පුද්ගලික සමාගම විසින් සිය ප්‍රවෘත්ති විකාශ ඔස්සේ අසත්‍ය සහ මහජනතාව නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කළ බවය.




