Header Ads

උණුසුම් පුවත්

චීනයේ නිපදවූ සිනොවැක් එන්නත මෙරටට ලබාදීමට එකගවෙයි


කොරෝනා වෛරසයට එරෙහිව චීනයේ නිපදවූ සිනොවැක් එන්නත මෙරටට ලබාදීම සඳහා චීන සමාගම් කැමැත්ත පළ කර තිබෙනවා.අදාළ එන්නත් ඉල්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පින් වෙත ලිපියක් යොමුකිරීමෙන් අනතුරුව  අදාළ එන්නත නිෂ්පාදනය කරන සහ බෙදාහැරීම සිදුකරන සමාගම් ඇතුලු සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් පසුව එම සමාගම අන්නත් ලබාදීමට කැමැත්ත පලකළ බව වාර්තාවනවා. කොරෝනා වෛරසයට එරෙහිව චීනය නිපදවූ සිනොවැක් එන්නත සියයට 78 ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවට වාර්තාවුණා.