මානව හිමිකම් කඩකිරීම් තොරතුරු විමර්ශණය සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක්

 

මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කඩකිරීම් සහ සමාන බරපතල වැරදි පිළිබඳ චෝදනා විමර්ශණය පිණිස පත් කරන ලද කොමිෂන් සභා හෝ කමිටු අනාවරණය කරගත් තොරතුරු විමර්ශණය, පරීක්ෂණය සහ වාර්තා කිරිම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කර තිබේ.

අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (21) ප්‍රකාශයට පත් කරනු ලැබීය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා පරීක්ෂණ කොමිෂමේ සභාපති ධූරයට නම් කරනු ලැබසිටී. විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
කොමිෂමට පැවරී ඇති කාර්යයන් මෙසේය :

* මානව හිමිකම් උල්ලංඝණය කිරීම් විමර්ශණය පිණිස කලින් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතල ගණයේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, බරපතල ගණයේ අන්තර්ජාතික මානූෂීය නීති කඩ කිරීම් සහ වෙනත් එවැනි බරපතල වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම.
* එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනා ගැනීම සහ ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම.
* එකී නිර්දේශ අරභයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම.
* පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය. අවශ්‍ය විමර්ශණ සහ පරීක්ෂණ කිරීමටත් අවශ්‍ය පරිදි ජනාධිපතිතුමා වෙත අතුරු වාර්තා ඉදිරිපත් කිරීමටත් කොමිෂමට බලය ඇත. එමෙන්ම කොමිෂම දැනුම් දෙන විට අවශ්‍ය සහය සහ තොරතුරු සැපයීමට රාජ්‍ය අංශයේඅදාළ සියලු නිලධාරීනට නියම කරනු ලැබේ.

අවසන් වාර්තාව කොමිෂම පත් කළ දින සිට මාස 06ක් ඇතුළත ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ යුතුය. පරීක්ෂණ කොමිෂම පත් කිරීමේ පසුබිම ගැසට් නිවේදනයේ පැහැදිලි කර ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 ඔක්තෝබර් මස සම්මත කළ “ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය” පිළිබඳ 30/1 යෝජනාවට සහ ඒ හා බැඳුණු 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්විමෙන් ශ්‍රී ලංකාව ඉවත්වන බව මානව හිමිකම් කවුන්සලයේ 43 වන සැසිවාරයේ දී නිවේදනය කෙරිණ. එසේ වුවද තිරසාර සාමය සහ සංහිඳියාව දිනාගනු වස් වගවීම සහ මානව සම්පත් සංවර්ධනය සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන් සහ එහි නියෝජිතායතන සමග සහයෝගයෙන් වැඩ කිරීම රජයේ ප්‍රතිපත්තිය වන්නේය. විසඳීමට ඇති සෙසු ගැටළු සඳහා ප්‍රජාතාන්ත්‍රික සහ නීතිමය ක්‍රියාවලිය තුළ විසඳුම් දීමටත් අවශ්‍ය පරිදි ආයතනික සංශෝධන කරමින් යුක්තිය හා සංහිඳියාව තහවුරු කිරීමටත් රජය කැපවී සිටී. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අරමුණු සාක්ෂාත් කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකෙන නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බව රජය පිළිගනී.

සිදු වී ඇතැයි කියන මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝණය කිරීම් ගැන විමර්ශණයට දැනටමත් කොමිෂන් සභා සහ කමිටු පත් කරන ලදුව නිර්දේශ ඉදිරිපත් කර ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශණ සහ පරීක්ෂණ සිදු කොට ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කරනු වස් ත්‍රි පුද්ගල කොමිෂම ස්ථාපනය කර තිබේ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මානව හිමිකම් කඩකිරීම් තොරතුරු විමර්ශණය සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක්
මානව හිමිකම් කඩකිරීම් තොරතුරු විමර්ශණය සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ කොමිෂමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6RoNhcC3d1w3wP-0yUZZtU0-bsw3KCnArU2BrbKdGhHn6vw5Nuky-2rv-bHbq6BQd6N1xtSIn7jG4JEtBE1cyEyhJRgbPtnHM8IpKP_DVYjhbD6aNW9IAf8598kez71UPymcPsVdFNeY/s16000/president-gotabaya-rajapaksa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg6RoNhcC3d1w3wP-0yUZZtU0-bsw3KCnArU2BrbKdGhHn6vw5Nuky-2rv-bHbq6BQd6N1xtSIn7jG4JEtBE1cyEyhJRgbPtnHM8IpKP_DVYjhbD6aNW9IAf8598kez71UPymcPsVdFNeY/s72-c/president-gotabaya-rajapaksa.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/blog-post_24.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/blog-post_24.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content