මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වීමේ චෝදනාවට දැනට රක්ෂිත බන්ධනගාරගතව සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න ඇතුලු 05 දෙනෙකු විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඇප අයදුම්පතක් ගොණුකර තිබෙනවා.
ඊට නීතිපති දෙපාර්තමේන්තුව දැඩි විරෝධය පළකල බවයි අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතායි.
ඔහු පෙන්වා දුන්නේ සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා බරපතල බැවින් ඇප දීමට විරුද්ධ වන බවයි.
මේ සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් ලිඛිතව ලබාදීමට අපේක්ෂා කරන බවයි ඔහු වැඩිදුරටත් කියාසිටියේ.
ඒ අනුව ඇප අයදුම්පත සම්බන්ධයෙන් සිය තීරණය ලබන මස 25 වනදා ප්‍රකාශයට පත් කරන බවයි කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා සඳහන් කළේ.




