අඛණ්ඩව සහ වෙනස්වන ආකාරයේ රෝග ලක්ෂණ සහිත කොවිඩ් -19 ආසාදිතයින් සහ සැක සහිත ආසාදිතයින් සඳහා වෛද්‍ය ප්‍රතිකාර පහසුකම් අඛණ්ඩව ලබා ගැනීමට හැකියාව තිබිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරනවා.
සායනික කළමනාකරණ මාර්ගෝපදේශ මාලාවේ කරුණු සංශෝධනයට ලක් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (26) දින මෙම නවතම නිර්දේශ නිකුත් කර තිබෙනවා.
කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් රැස් කරන ලද කරුණු අනුව පශ්චාත් කොවිඩ් තත්ත්වයේදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හට දිගින් දිගටම තෙහෙට්ටුව, නිරන්තර කැස්ස සහ ව්‍යායාම් කිරීමේදී ඇතිවන තෙහෙට්ටුව වැනි දීර්ඝ කාලීන ගැටළු පවතින බවට කරුණු අනාවරණය කර ගෙන තිබෙනවා.
මිට අමතරව නිවෙස් තුළ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයින්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම මැන බැලීම සඳහා ඔක්සිමිටර් භාවිතා කරන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ. නිවෙස් නිරෝධායනය සිදුකිරීමේදී අනුගමනය කරන අනෙකුත් ක්‍රමවේද සමග මෙයද සිදුකළ යුතු බවත් එමගින් රෝගියාගේ තත්ත්වය පිළිබඳව පසුවිපරම් කිරීම සහ සෞඛ්‍ය අංශ සමග සම්බන්ධීකරණය කිරීම යෝග්‍ය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.
රෝහල්ගතව සිටින කොවිඩ් රෝගීන් සඳහා රුධිර නාල වල (thrombosis) ඇති වන රුධිර කැටි ගැසීම වැළැක්වීම සඳහා අඩු මාත්‍රාවකින් යුත් ප්‍රතිදේහජනක භාවිතා කිරීම ද සුදුසු බවටද ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ සිදුකර තිබෙනවා.
රෝහල්ගතව ඔක්සිජන් පහසුකම් ලබා ගන්නා කොවිඩ් ආසාදිත රෝගීන් ගේ ශරීරය සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහය වැඩිකිරලීම සඳහා පුද්ගලයාව මුනින් අතට (උදරය යටට වන සේ) තැබීම සුදුසු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර සිටින්නේ.
කොවිඩ් රෝගීන්ගේ තොරතුරු සවිස්තරාත්මකව සමාලෝචනය කිරීම අනුව ස්වාධින විශේෂඥ මණ්ඩලයක් විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.




