පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලේකම්වරයාටද කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව ඊයේ (12 වැනිදා) තහවුරුවී තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ලේකම්වරයා ලෙස කටයුතු කරන චමින්ද කුලරත්න යන අයට මෙසේ ආසාදිත බවටයි හඳුනාගෙන ඇත්තේ.
පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ඔහු සමීපව ආශ්‍රය කළ පුද්ගලයන් කවුදැයි සොයා ඊයේ (12 වැනිදා) සවස CCTV දර්ශන පරික්ෂා කිරීම ආරම්භ වී තිබෙනවා.
සභානායක දිනේෂ් ගුණවර්ධනගේ ලේකම්, අතිරේක ලේකම් සහ සහකාර ලේකම්වරුන් සිව් දෙනෙකුද මේවන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
මේ අතර අද (13 වැනිදා) දවස තුළ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ තුන්සියයකගේ PCR පරික්ෂණ සිදු කෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසුවා.
මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද අද PCR පරීක්ෂණ සිදුකර ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර කාර්ය මණ්ඩලයේ තවත් පිරිසක් අනිද්දා (15 වැනිදා) PCR පරික්ෂණයට ලක් කිරීමට නියමිතයි




