මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 48,949 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ඊයේ දිනයේදී නව ආසාධිතයන් 569 ක් හඳුනාගැනීමත් සමගයි.
ඔවුන්ගෙන් 564 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර තවත් 4 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගැනුණා.
ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයන් ගණන 45,186ක් දක්වා ඉහළ ගියා.
මේ අතර නිරෝධායනයට ලක්වෙමින් සිටි විදේශිකයෙකුද ඊයේ ආසාධිතයෙකු ලෙස හඳුනාගැනුණා.
මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 6618 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 42,091 ක්.
මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 8 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළ ගියා.




