තවත් සති දෙකක් ඇතුළත කොවිඩ් මර්දන එන්නතක් මෙරටට ගෙන ඒමට හැකිවනු ඇති බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.
මේ වනවිට අවධානය යොමු කර ඇත්තේ ප්‍රධාන එන්නත් දෙකක් කෙරෙහි බව ද මහාචාර්ය චන්න ජයසුමන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළා.
එන්නත් නිපදවන සමාගම් සමග, ඒ රජයන් සමග, ලෝක සෞඛ්‍ය සංවිධානය සමග අපි සාකච්ඡා පවත්වාගෙන යන බවයි ඔහු පැවසුවේ.
විශේෂයෙන්ම ප්‍රධාන එන්නත් දෙක ෆයිසර් සහ ඇස්ට්‍රාසෙනිකා ගැන තමයි මේ වනවිට අවධානය යොමු වී තිබෙන බව ඔහු සඳහන් කළා.
ඇස්ට්‍රාසෙනිකා සමාගමේ ඉන්දියානු නියෝජිත ආයතනය හරහා හරහා අපේ රටට පහසුවෙන් එම එන්නත ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි ඉන්දියාවෙන් ලබා දෙනවා යැයි කියූ එන්නත ගැන පැහැදිළි කිරීමක් කරමින් ඔහු පැවසුවේ.