Header Ads

උණුසුම් පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ බස්නාහිර පලාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 126කට නඩු


සෞඛ්‍ය  මාර්ගෝපදේශ හා නිරෝධායන නීති නිසිපරිදි අනුගමනය නොකළ බස්නාහිර පලාතේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 126කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු සදහන් කළේ බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන 1004ක් ඊයේ (18) දිනය වනවිට පරීක්ෂාවට ලක් කළ බවයි.එහිදී ආයතන 848ක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇති අතර, උපදෙස් අනුගමනය නොකළ ආයතන 126ක් හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.