ලබන බ්‍රහස්පතින්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන්
සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි ගතයුතු සියලු පියවර ගෙන ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි
ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකා බලා බවයි. ජනමාධ්‍ය අමාත්‍යංශයේදී (18) මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලේය.ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ කෙරුණු නියාමන ව්‍යාපෘතිය යටතේ යකුරේන සංචාරකයන් 1500කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයිනට පැමිණ තිබේ.ඉන් මෙරටට ලැබුණු
ආදායම රුපියල් මිලියන 420 කි.එම නියාමන වයාපෘතියේදී හඳුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී කීවේය.මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙන තිබේ.මෙම හෝටල් සෞඛ්‍ය
මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් වේ.සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අඳාල සහතිකය නොමිලේ ලබාදීමට හෝටල් හිමියන්ට අවස්ථාව සලසා තිබේ. 21 වනදායින් පසු මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතයි.
පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු අතර මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ් ආසාධිත නොවන බවට
තහවුරු වූ සංචාරකයින්ට පමණි.මෙරටට පැමිණෙනු සියලුම සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකෙරේ.එහි ප්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාල හෝටල් වලම රැදී සිටිය යුතුය.දින 5-7ත් අතර කාලයේදී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක්කෙරෙන අතර හඳුාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ ඉන් අනතුරුවයි.
සංචාරකයන් පැමිණෙන හෝටල් වල කර්යමණ්ඩලවල ද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි අවධාරණය කලේය.